සැඩ සුලං හා අහසට නැංග රල
දැක පෙලනු සොඳුරු සුදුවන් වෙරල
කම්පිතව වෙහෙසකර හද නව්කාව
නැවතීමි රලු පාලු තනි මං සැරිය
නොදනිමි ගෙවී ගියෙ පැය දවස් වස්
සිටියෙමි අවුරා වෙරල උදේ සවස්
බැඳුනෙමි වින්දෙමි රැඳුනෙමි එහෙත්
නව්කාවකි මා ඈත සමුදුරේ
ඈතින් විසල් නවුකාවක් ලෙස වුවද
ලං වන තරමට එහි මලකඩ එමට
දිරා යන බඳ සිල් වුනු රුවල් හා තව
දිදුලන සුන්දර වෙරලට ඔච්චමක් විද
සිල් වී ගිල් වන තරමට අබලන් වුවද
රුදුරු ලවන පීඩා මලකඩත් බැඳ
ගිලෙනු රිසිමි තනිවම සාගරය මැද
නවුකාවකි මා ඈත සමුදුරේ, සඳ!
Comments
Post a Comment
Thanks for the comment made on blog.tekcroach.top